‘ශ්‍රී ලංකන්’ වැඩ සොයයි


ශ්‍රී ලංකන් ගුවන් සේවයේ  අක්‍රමිකතා සහ අයථා ක්‍රියා සිදු වුයේ දැයි  සෙවීමට  වරාය හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුන  රණතුංග  මහතා විසින්  සිව් පුද්ගල කමිටුවක් පත් කරයි.

 නීතීඥ ජේ සී වැලිඅමුණ සභාපතිවරයාය.යු එච් පලිහක්කාර, බී ඒ ඩබ්ලිව් අබේවර්ධන සහ එම් කේ  බණ්ඩාර යන මහත්වරු සෙසු සාමාජිකයෝය. අතුරු වාර්තාව මාර්තු 15 වැනිදාට පෙරද අවසන් වාර්තාව මාර්තු 30ට පෙරද ඉදිරිපත් කරල ලෙස  නියම කර ඇත.