‘ශෂීන්ද්‍ර තාමත් ඌව මහ ඇමැති‘


තමන් ඌව පළාත් සභාව ජයග්‍රහණය කර තිබියදී නීතිවිරෝධී ලෙස ආණ්ඩුකාරවරයා එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු මහතාට මහ ඇමැති තනතුරට පිරිනැමීම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බව සම්බන්ධයෙන් අධිකරණයට ගිය හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් නීතියේ සාධාරණය බලාපොරොත්තු වන බවද පැවසීය.

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාද මෙම අවස්ථාවට එක්විය. තව දුරටත් ඌව මහ ඇමැතිවරයා ලෙස සලකන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා බවද ඔහු පැවසීය.

පසුගියදා මේ සම්බන්ධයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේය.

DSC_8253 DSC_8274 DSC_8291