‘වොලිබෝල් ජාතික ක්‍රීඩාව වශයෙන් පිළිගන්න සූදානම් නෑ‘


ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුවත් එය ජාතික ක්‍රීඩාව වශයෙන් පිළිගැනීමට තමන් සූදානම් නැතැයි ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි. දේශීය වශයෙන් බිහිවූ ක්‍රීඩාවක් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව විය යුතුයයි ක්‍රීඩා ඇමතිවරයා අද (1 වැනිදා) පැවැති පුවත් පත් සාකච්ඡාවකදී පැවසීය.
එල්ලේ ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වශයෙන් ගැසට් නිවේදනයකින් තහවුරු කර නැතැයිද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.