‘වොලිබෝල් එදා සහ අද’ එළිදකී


ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා ක්ෂේත‍්‍රයට විශාල අඩුපාඩුවක්ව පැවැති, ශී‍්‍ර ලංකාවේ ජාතික කී‍්‍රඩාවද වන, වොලිබෝල් කී‍්‍රඩාවේ ශී‍්‍ර ලංකාව සම්බන්ධ ඉතිහාසය පිළිබඳව වොලිබෝල් සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් සුසිල් රණසිංහ මහතා විසින් සම්පාදනය කරන ලද ‘වොලිබෝල් එදා සහ අද’ ග‍්‍රන්ථය ඊයේ  (12 වැනිදා) පස්වරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී එළිදැක්විණ.

මෙම ග‍්‍රන්ථය එහි සම්පාදක සුසිල් රණසිංහ මහතා විසින් කි‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාට පිරිනමන ලද අවස්ථාව ඡයාරූපයේ දැක්වේ. ශී‍්‍ර ලංකා වොලිබෝල් සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන හිටපු ඉඩම් ඇමති අශෝක වඩිගමංගාව මහතාද ඡයාරූපයේ සිටී.

ග‍්‍රන්ථයේ සම්පාදක සුසිල් රණසිංහ මහතා ‘වොලිබෝල් එදා සහ අද’ ග‍්‍රන්ථය සමග

ඡයාරූප : සුමින්ද සුදර්ශන පතිරණ