විපක්ෂය සිටින සමයේ තමන් ද ආණ්ඩුව ගෙනෙන සෑම දෙයකටම විරුද්ධ වූ බවත් එම වෛරී දේශපාලනයෙන් මිදී සියලූ දෙනාම වැදගත් දේශපාලනයේ නිරත විය යුතු යැයි කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (01) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයේ සිටින සමයේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙනෙන සෑම කි‍්‍රයාවට විරුද්ධ වුණා. අපිත් ඒ බලූ වැඩේ කළා. අපි වෛරී දේශපාලනයෙන් මිදෙන්න ඕනේ. හොඳ දේ හොඳයි කියන්නත් වැරැද්දක් තිබ්බොත් එය විවේචනය කරන්නත් අපි පුරුදු වෙන්න ඕනේ. වැදගත් දේශපාලනයට අපි පියමනින්න ඕනේ. අපි අපේ දරුවන්ට අනාගත පරම්පරාවට මොනවාද දෙන්නේ ? අපි වැරැදි ද අනාගත පරම්පරාවට උරුම කරන්නේ. ආණ්ඩුවක් පැරැදුණාම පැරැදුණු කණ්ඩායම උත්සාහ කරන්නේ නව ආණ්ඩුව පෙරළන්න. එහෙම කරන්න බැහැනේ. නියමිත අවුරුදු කිහිපයක් ඇතුළත මැතිවරණ, ජනපතිවරණ පවත්වන්න බැරි බව ව්‍යවස්ථාවේ තිබෙනවා. හිතු මනේපට මැතිවරණ තියන්න බැහැනේ. එය අපි තේරුම් ගන්න ඕනේ.‘ යැයිද ඔහු පැවසීය.

