‘වෛරී දේශපාලනය නැති කර අභියෝගවලට මුහුණ දෙමු‘


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ප්‍රතිසංස්කරණය කර නව මුහුණුවරකින් ඉදිරියට යා යුතු යැයි ද, නව පක්ෂයක් ගොඩ නගා ගත යුතු යැයි ද, කළ යුතු නොකළ යුතු දේ තේරුම් බේරුම් කර ගත යුතු යැයි ද මෛත්‍රීපාල සිරිසේන ජනපති පක්ෂ මහා සමුළුව අමතමින් කීවේය.

වෛරී දේශපාලනය නැති කර රටේ අභියෝගවලට මුහුණ දී ජනතාවගේ හා රටේ ඕනෑ එපාකම්වලට මුල් තැන දිය යුතු බව ද, හැම දෙනාම මිත්‍රශීලීව ක්‍රියා කළ යුතු යැයි ද ජනපතී පැවසීය.

ජාත්‍යන්තර අභියෝගයේ සිට දේශීය අභියෝග දක්වා සියලු ප්‍රශ්න ගැන හැම දෙනකුටම පූර්ණ අවබෝධයක් සිටිය යුතු යැයි ද , ආණ්ඩු බලයක් අනාගතයේ දී ලබා ගැනීම සඳහා සියලු දෙනාම එක්ව ක්‍රියා කළ යුතු යැයි ද ඔහු කීවේය.

පක්ෂයේ සභාපති ජනපතිවරයාගේ මේ අදහස් දක්වද්දී ඔහු ළඟ ආසනයේ පක්ෂ අනුශාසක හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සිටියේය.