බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය අනුව බුදුන් වහන්සේගෙන් පවා ප්‍රශ්න අසා කරුණු දැනගැනීමේ නිදහස ඇතත් අද ශ්‍රී ලංකාවේ එවැන්නක් සිදුනොවන බවත් සිදුවනුයේ වෛරයෙන් දුෂ්ට චේතනාවෙන් හා මෝඩකමින් මඩගැසීමක් බවත් එය සැබෑ බුද්ධ දර්ශනය නොව ජෛන ආගමට සමාන දෙයක් බවත් සිරි සමන්තභද්‍ර හිමියෝ එසැණ සමග පැවැත්වූ සාකච්ඡාවකදී පැවසූහ.
සමන්තභද්‍ර හිමියන් කියනුයේ ඕනෑම කෙනකුට ඕනෑම ප්‍රශ්නයක් ඇසීමේ ඉඩකඩ බුද්ධ දර්ශනයේ ඇති හෙයින් තමාගෙන්ද ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට නිදහස ඇති බවයි.
නොයෙක් හේතු නිසා කිළිටි වී ඇති බුද්ධ ශාසනය පවිත්‍ර කිරීමට වර්තමානයේ පහළවී සිටින්නේ තමන් බවද බුදු සසුන කාලානුරූපව වෙනස්කරගත හැකි බව පරිනිර්වාණයට පෙර බුදුන් වහන්සේ ආනන්ද හිමියන්ට උපදෙස් දුන් බවද උන්වහන්සේ කීහ.
වීඩියෝ - සනත් ඩෙස්මන්

