ශ්‍රී ලංකා වෛද්‍ය සභා ආඥා පනතේ පරිපූර්ණ පිටපතක් තමන් සන්තකයේවත් නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ගාමිණි සිල්වා මහතා මේ බව පැවැසුවේ වෛද්‍ය සභාව සතුව එම ආඥා පනත නැති බවට වෛද්‍යවරු රැසක්ම “ලංකාදීප“යට කළ දැනුම්දීමක් ගැන විමසූ අවස්ථාවේ ඊට පිළිතුරු වශයෙනි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභා ආඥා පනතේ පිටපත් හතලිහක් පමණ තිබෙන නමුත් ඒවා පසුගිය කාලයේ කළ සංශෝධන ඇතුලත් නැති අසම්පූර්ණ ඒවා යැයි ලේඛකාධිකාරිවරයා පැවැසීය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද(17) රැස්වන විට සිය සාමාජිකයන්ට ලබාදීමට එම පිටපත් කීපය සුරැකිව තබාගෙන සිටින්නේ යැයි කී හෙතෙම සංශෝධන සහිත ශ්‍රී ලංකා වෛද්‍ය සභා ආඥා පනත ඉතා ඉක්මණින්ම සැකැසීමට කටයුතු කරන්නේ යැයි අවධාරණය කර කීය.

