‘වෛද්‍ය සංගම් නියෝජිතයා මරණ තර්ජන කළාලු‘


රැස්වීමකදී තමා ඉදිරිපත් කළ අදහස්වලට  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නවීන් සොයිසා මහතා බාධා කළ බවත් පසුව එම ශාලාවෙන් පිටත දී තමාට ජීවිතයට තර්ජනය කළ බවත් කියමින්  ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පොලිසියට පැමිණිලි කර ඇත.
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කරයි. 
තමාට ලැබුණු ආරාධනයක් මත රජයේ රෝහල්වල රසායනාගාරවල ආයතනික සැලසුම  සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම රැස්වීමට එක්වූ බවත් එහිදී තමා කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී තමන්ට දිගින් දිගටම බාධා කළ බවත් පසුව තර්ජන එල්ල කළ බවත් ඔහු කියයි.