අත්අඩංගුවට පත් රමිත් රඹුක්වැල්ල පොලිස් ඇප මත මුදාහළ පොලිසිය ලබන 27 වැනිදා අලුත්කඩේ අංක 7 අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඔවුනට දැන්වීය.
ඔහු වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කැරිණි. වෛද්‍ය වාර්තාව ද පොලිසියට ලබාදී ඇත. එම වාර්තාව ඔහුට අවාසි සහගත බව දැනගන්නට තිබේ.
කෙහෙළියගේ පුතා පොලිස් අත්අඩංගුවට
ක්‍රිකට් ක්‍රිඩකයකු ද වන මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලිසිය කියයි.
ඔහු පැද වු කාරය ශ්‍රාවස්ථි මන්දිරය පෙදෙසේ සිට නිදහස් මාවතට හරවද්දී පාරෙන් ඔබ්බට පැන පදික වේදිකාව දිගේ ධාවනය වී තාප්පයක ගැටී ඇතැයි ද ඔහු මත්පැන් බී සිටියේ දැයි සොයා බැලීමට පරික්ෂණ කරන බව පොලිසිය පවසයි.