‘ගම්මන්පිල මහත්තයා පසුගිය දිනවල කළුකොඩි ව්‍යාපාරයක් පටන් ගත්තා. අඩුම තරමේ එයාගේ වාහනේට කොඩියක් ගහන්නවත් කෙනෙක් නෑ. ඒ නිසා එයා එයාගෙ වාහනේට කොඩියක් ගහගෙන සෙල්ෆී ගහලා ෆේස්බුක් දානවා. රටේ ජනතාවට අවශ්‍යතාවයක් නෑ කළු කොඩි දාන්නත මං අහනවා ඒ කාලේ මාධ්‍යවේදීන් මරණ කොට කොහෙද හිටියෙ කියලා? මන්ත්‍රීවරු මරණ කොට කළු කොඩි දැම්මෙ නැත්තෙ ඇයි කියලා? මේ දවස් වල ගම්මන්පිල හැසිරෙන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වගෙයි. ඒ නිසා ගම්මන්පිල මහත්තයාට මට කියන්න තියෙන්නේ වෙනස මාරයි. බයියො හමාරයි.ගම්මන්පිල වමාරයි කියලා තමයි.‘ යනුවෙන් ජනපති පදවි ප්‍රාප්තියේ වර්ෂ පූර්ණ සැමරුම පිළිබඳ ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශයේ වැඩසටහන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක්දී අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.


