ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යධූර ගත් කණ්ඩායමත්, ඒකාබද්ධ විපක්ෂයේ පිරිසත් ව්‍යවස්ථා සංශෝධනයේදී දෙපිළක් නොවී එක මතයක සිටීමට තීන්දුවක් ගත් බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (26) පැවසීය.
ඔහු මේ බව පැවසුවේ එන් එම් පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි.
‘ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවා. අහි දැක්කා මෙහි නරක දේවල්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි වෙන්වෙලා ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් එක්ක කණ්ඩායමක් ඉන්නවා. අපි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් ඉන්නවා. හැබැයි ව්‍යවස්ථා සංශෝධනයේදී අපි දෙපිළක් නෑ. මේ ව්‍යවස්ථා සංශෝධනය රටට හිතකරව ගේනවා නම් අපි අත උස්සලා සහයෝගය දෙන්න ලෑස්තියි.
රටට අහිතකර කිසි දෙයක් කරන්න ඉඩක් දෙන්නේ නෑ කියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යධුර ගත් කණ්ඩායමත්, ඒකාබද්ධ විපක්ෂයේ අපිත් ව්‍යවස්ථා සංශෝධනයේදී එක තීන්දුවක් ගත්තා. ඒ නිසා බුල්ඩෝසර් කර ව්‍යවස්ථා සංශෝධනය කරන්න ගියත් ඒ දේ වෙන්නේ නෑ. ව්‍යවස්ථා සංශෝධනයේදී අපි එක මතයක ඉන්නවා.‘


