වෘත්තිය සමිති රැසක් එක්ව පවත්වාගෙන යන www.unions.lk වෙබ් අඩවියට කිසියම් පුද්ගලයෙකු ඇතුලු වී එහි දත්ත මකා දමා අකර්මන්‍ය කර ඇති බව එහි සම්බන්ධීකාරක හා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි.
විදුලි බිල පහළ දමන ලෙස රජයට විරෝධය පළ කරමින් පසුගිය 21 වැනිදා පැවැති වැඩ වර්ජනයේ සිදුවීම් අඛණ්ඩව මෙමගින් වාර්තා කළ බවත් එදින සවස කිසිවෙකු වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල් වී (හැක් කර) එහි දත්ත මකා එය අකර්මන්‍ය කර ඇති බවත් ඔහු කියයි.