
(මනෝප්‍රිය ගුණසේකර)
ලන්ඩන් ‘වුල්ෆ් හැම්ටන්’ විශ්ව විද්‍යාලයෙන් ලැබුණු බව කියමින් සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ උපාධි ප්‍රද්‍රානොත්සවයේ ආරාධනා පත්‍රය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
උපාධි ප්‍රදානෝත්සවයට ආරාධනා ලැබුණු බව කියමින් අධිකරණයට ඉදිරිපත් කළ ලිපිය පසු අවස්ථාවක නිර්මාණය කළ එකක්ද යන්න හෙළිකර ගැනීම සඳහා මෙලෙස විමර්ශන ආරම්භ කළ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ලන්ඩන් ‘වුල්ෆ් හැම්ටන්’ විශ්ව විද්‍යාලයෙන් උපාධි ප්‍රදානොත්සවයට ආරාධනා ලැබුණු බව කියමින් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ ලිපිය සිද්ධියට අදාළව විමර්ශන ආරම්භ කර මාස 03ක කාලයක් ගතවනතුරු ඉදිරිපත් නොකිරීම මත එය පසුව නිර්මාණය කළ ලිපයික්ද? යන්න පිළිබඳ සැකයක් මතුවන බවට ඉදිරිපත්වු කරුණු මත හම ලිපිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය කළ නියමයට අනුව රහස් පොලිසිය මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

