‘වීසා නීති කඩ කළේ නෑ‘


උතුරේ මානව හිමිකම් හා වර්තමාන දේශපාලන තත්ත්වය ගැන ඕස්ට්‍රේලියා හා නවසීලන්ත පාර්ලිමේන්තු වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණියේ පර්යේෂණයක් සඳහා විශේෂ ව්‍යාපෘති වීසා ලබා ගැනීමෙන් බවත්, ශ්‍රී ලංකාවේ වීසා නීති කිසිත් කඩ කර නැති බවත් හරිත පක්ෂයේ ඕස්ට්‍රේලියා සෙනට් මන්ත්‍රී ලී රෙනොන් හා නව සීලන්ත හරිත පක්ෂයේ මන්ත්‍රී ජෑන් ලෝගි කියති.

ඔවුහු නව වැනිදා දෙමළ ජාතික සන්ධානය සමග වව්නියාවේ ද, පසුව කොළඹ දෙමළ ජාතික සන්ධාන කාර්යාලයයේ ද සාකච්ඡාවක් පැවැත්වූහ.

උතුරේ මානව හිමිකම්, එහි වත්මන් දේශපාලන තත්වය, යුද්ධයෙන් අවතැන්වූවන් යළි පදිංචි කිරීම වැනි කරුණු ගැන සාකච්ඡා කළහ.

වවුනියා සාකච්ඡාව පුවත්පත්වලට තහනම් කැර තිබිණි.

තමන් ශ්‍රී ලංකාවට ආවේ තොරතුරු සෙවීමේ කාර්යයකට බව හරිත පක්ෂය කියයි.

මේ සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ සරවනබවන්,  උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පී සත්‍යලිංගම්, උතුරු පළාත් ධීවර හා ප්‍රවාහන අමාත්‍ය පී ඩෙනිෂ්වරන්, උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන නියෝජිත ජී ලංගනාදන් මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.