‘වීරවංශ කුමාර් මහත්තයා රකී’


කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම අපරාධයක් මෙනම පහත ක්‍රියාවක් යැයි විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

කොටින්ට නිදහස දෙන, ද්විත්ව පුරවැසිභාවය දෙන, ආණ්ඩුව  ආගමන විගමන නීති කැඩූ බවට චෝදනා කරමින්  ගුණරත්නම් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට සැරසෙතියි වීරවංශ මහතා චෝදනා කළේය.

ශ්‍රී ලංකාවේ ඉපිද හැදී වැඩුණු ඔහු රටින් පිටවූයේ 88 - 89 කාල වකවානුවේ පැවැති තර්ජන නිසා බවත් ඔහුට මෙරට දේශපාලනය කරන්නට ඉඩ දෙන ලෙස ඉතා ඕනෑකමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් වීරවංශ මහතා සඳහන් කළේය.