
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
බිලිකොකු යොදා මසුන් මැරිම සදහා කන්දකුලිය ධීවර තොටුපලින් මුහුදු ගිය විහාරා දුව, හංසිළු පුතා යාත්‍රාව එහි සිටි ධීවර කාර්මිකයින් තිදෙනා සමග අතුරුදහන්වි ඇති බව යාත්‍රා හිමිකරු කල්පිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.
මෙලෙස අතුරුදහන් වී ඇත්තේ කන්දකුලිය ධීවර තොටුපලින් මසුන් මැරීම සදහා ගමන් ගත් ඩබ්ලියු.නෙවිල් ඇන්ටනි,සුදේෂ් සුසන්ත,ප්‍රසාද් නිරන්ජන් යන කන්දකුලිය පදිංචි ධීවරයින් තිදෙනාය.
මෙම ධීවරයින් තිදෙනා 6 දින දහවල් කන්දකුලිය ධීවර තොටුපලින් මසුන් මැරීම සදහා විහාරා දුව ,හංසිළු පුතා නැමති ධීවර යාත්‍රාවෙන් ගමන් කර ඇති බව කියයි.
මෙම යාත්‍රාවේ හිමිකරු විසින් දිපාල් නිලන්ත මහතා තම යාත්‍රාව හා ධීවරයින් අතුරුදන් ව ඇති බව කල්පිටිය පොලිසියට පැමිනිලි කර තිබේ.
යාත්‍රා හිමිකරු දිපාල නිලන්ත මහතා පවසා සිටියෙ හය වෙනි දින බිලි කොකු උපයෝගි කර ගනිමින් මසුන් මැරීම සදහා ගිය බවත් හය වන දින රාත්‍රි වන විට පැමිනිමට නියමිතව තිබුණද එසේ නොපැමිනි බවත් 7 දිනද ඒ පිළිබදව සොයා බැලුවද නොපැමිනි නිසා කන්දකුලියෙ සිට ධීවර යාත්‍රා කිපයක් මහ මුහුදට මෙම යාත්‍රාව සෙවිම සදහා පිටත් කර යැවු බවයි.

