‘විසිරැවූ පුංචි සභා මාරුවීම් හිතුමතේට බෑ‘


බස්නාහිර පළාතේ විසුරුවා හළ පළාත් පාලන ආයතන ලේකම්වරුන්ගෙන් හෝ කොමසාරිස්වරුන්ගෙන් යම් චෝදනාවක් ඇති නිලධාරියකු හැර වෙනත් කිසිම නිලධාරියකු මාරු නොකරන මෙන් රාජ්‍ය සේවා කොමිසම වෙත තමා උපදෙස් දුන් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී.ලෝගේස්වරන් මහතා කියයි.

යම් නිලධාරියකුට විරුද්ධව චෝදනාවක් වේ නම් ඔහු ගැන පරීක්ෂණයක් පවත්වා ඉන් අනතුරුව පමණක් මාරු කිරීම සඳහා ක්‍රියා කිරීම විනා වෙනත් කිසිම නිලධාරියකු මාරු නොකරන මෙන් තමා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට උපදෙස් දුන් බවත් කොමිසම එලෙස ක්‍රියා කරනු ඇති බවට තමා විශ්වාස කරන බවත් හේ පැවසීය.