නව මැතිවරණ ක්‍රමයක් ඇති කරන 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීමට විරුද්ධ වන්නේ මහජනතාවට පරම සතුරු මහජන නියෝජිතයන් යැයි කොළඹ විශ්ව විද්‍යාලයයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා අද (25) ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණයෙන් පසුව ජනතාව ඉල්ලූ දේශපාලන ප්‍රතිසංස්කරණ අතර ඔවුන්ට වඩා දැනුණු ප්‍රතිසංස්කරණය වූයේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වන ප්‍රතිසංස්කරණය යැයි ද විජේසූරිය මහතා මෙහිදී පැවසීය.
පසුගිය කාලයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වූයේ ද සිවිල් සංවිධාන කළ මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් ලෙස බව කී විජේසූරිය මහතා රටේ දේශපාලන සදාචාරය වෙනුවෙන් හා රටේ ඵලදායි සේවයක් සඳහා මහජන නියෝජිතයන් පත් කර ගැනීමට ජනතාවට ඉඩක් තිබිය යුතු යැයි ද ප්‍රකාශ කළේය.



