විවියන් ගුණවර්ධන මහත්මිය කාන්තා අරගලවලදී විශාල සේවයක් රටට කළ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවසුවාය.
හිටපු ජනපතිනිය එලෙස කීවේ විවියන් ගුණවර්ධන මහත්මියගේ ගුණසමරු උත්සවයකට සහභාගී වෙමිනි.
‘ඉතා නිර්භීත, සටන් කාමී, තමා විශ්වාස කරන දේ ගැන අවංකවම කටයුතු කරන එවැනි කාන්තාවන් කීදෙනෙක් අද දේශපාලනයේ ඉන්නවාද දන්නේ නෑ. කාන්තා සටන ඔබ නංවන්න ලොකු වැඩ කොටසක් කළා. ඇය නිදහස් සටනට එක් වෙලා ලංකා සම සමාජ පක්ෂයේ නායකත්වය අරගෙන විශාල සේවයක් කළා.‘