‘විල්පත්තු වන විනාශය දිගටම‘


විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත කිහිපයක නැවත පදිංචි කරවීමක් බව කියමින් කරගෙන යන වන විනාශයට පිළිබඳ බලධාරීන් දැනුවත් කර ඇතත් මේ වනතුරු එය නතරවී නැතැයි පරිසරවේදීහු කියති.

රජයේ ඇමැතිවරයකුගේ මැදිහත්වීමකින් කරගෙන යන මෙම වන විනාශයට එරෙහිව පරිසරවේදීන් සමාජයේ දැඩි හඬක් නැගුවද විවිධ මිත්‍යා මත පතුරවමින් මෙම වන සංහාරය සාධාරණීකරණය කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇතැයි පරිසර ආරක්ෂණ මණ්ඩලයේ සජීව චාමිකර මහතා කියයි.

මෙම කලාපයේ මීට පෙර ගම්මාන තිබූ බව කියමින් ගෙන යන ප්‍රචාරය සාවද්‍ය බවත් පෙර සිතියම් සියල්ලෙහි තොරතුරු ගෙන බැලුවද එහි වන ගහණයක් මිස ජනාවාස නොතිබූ බව ඔහු සඳහන් කරයි. 2009 දී ඇරැඹුණු නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය ඔස්සේ මෙම වනාන්තර කැපීම ආරම්භ වූ බවත් මේවන විටත් අක්කර 3000කට ආසන්න භූමි ප්‍රමාණයක් විනාශ කර ඇතැයි ද චාමිකර මහතා කීවේය. මෙම විනාශ කැරෙන භූමියේ දුර්ලභ විල්ලු පරිසර කලාපයක් ඇති බවත් එය ආරක්ෂා කරගැනීම රජයේ වගකීමක් බවත් ඔවුහු පෙන්වා දෙති.

කොළඹ පදනම් ආයතනයේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පරිසර සංවිධාන ගණනාවක නියෝජිතයෝ මේ පිළිබඳ අදහස් දැක්වූහ.

web143888_1511237792229264_1052949589_n

ඡායාරූපය - අකිල බද්දෙවිතාන

Veppal---map vilaththaikulam---map Wilpattu-Image Wilpattu-Image-2

විල්පත්තු අවට වන විනාශයේ මෑතදී ලබාගත් ඡායාරූප

20170113_134235 20170113_135146 20170113_140244 20170113_144505 20170113_145348