‘විල්ගමු සිද්ධිය දේශපාලන කුමන්ත්‍රණයක්‘


විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති  ජයන්ත විරසේකර මහතා සහ හිටපු සභාපති රංජිත් කුමාරසිංහ මහතා අත්අඩංගුවට ගැනිම දේශපාලන කුමන්ත්‍රණයක් බවත් මේ නිසා මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දෙකඩවීමක් සිදුවීමට ඉඩ ඇති බවත් එක්සත් ජනතා නිදහස් සංධානයේ මාතලේ දිස්ත්‍රික් උප නායක ප්‍රවාහන නියෝජ්‍ය ඇමති රෝහණ දිසානායක මහතා කියයි.

රෝහණ දිසානයක මහතා මෙසේද පැවසිය.

ප්‍රාදේශිය වශයෙන් සිටින නායකයින්ට මෙලෙස දේශපාලන වශයෙන් කෙනෙහිලිකම් කර අත් අඩංගුවට ගැනීම දැඩි ලෙස හෙළා දකිනවා .දේශපාලන පලි ගැනිම් වශයෙන් මෙවැනි සිදුවිම් අසාධාරණ බවත් මෙයින් ලග්ගල ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින් අසරණ තත්වයකට පත්ව ඇති බවත් නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය .

මේ දිස්ත්‍රික්කයේ වැරැදි තීරණ ගන්නා පුද්ගලයින් ඉන්නවා . තමන්ගේ මුළු ජීවිතයම ශ්‍රි .ල.නි.ප ය වෙනුවෙන් කැප කළ අයට මෙවැනි දේ සිදුවීම කිසිසේත් අනුමත කළ නොහැකිය .මේ පිළිබදව ජනාධිපතිතුමා හා  ශ්‍රී.ල.නිප මහ ලේකම් දැනුවත් කිරීමටත් පියවර ගන්නවා . මෙම සිද්ධිය පිළිබදව අපක්ෂපාති පරික්ෂණයක් පවත්වන ලෙසද ඔහු පොලිස්පතිගෙන් ඉල්ලයි.

මෙවැනි අසාධාරණකම්වලට එරෙහිව නැගි සිටීමට සහ කතා කිරීමට අප කිසිසේත්  පසුබට වන්නේ නැහැ . ශ්‍රී.ල.නි.ප.යට නවකයින් ලෙසට පැමිණ මෙලෙස ක්‍රියාකිරීම කිසිසේත් අනුමත කළ නොහැකි තත්වයක් . ලග්ගල හා විල්ගමුව ප්‍රදේශවල ප්‍රාදේශීය ජනතා නියෝජිතයින් කුමන්ත්‍රණවලට හසුකර ගමෙ සංවර්ධනයද අඩාල වෙනවා‘