කුරිරු කොටි ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරිමට දායකත්වය දුන් ආරක්ෂක හමුදා ප්‍රධානින් විවිධ චෝදනා යටතේ ජනාධිපති කොමිෂන් සභා වලට , පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට දිනපතා සතිපතා කැඳවා ඔවුන් අත්අඩංගුවට ගැනිමට උත්සහ කරන අතරේ මෙරට බෙදා වෙන්කිරිමට උත්සහ කළ එල්ටීටීඊය ප්‍රධාන පෙළේ සැකකරුවන් ගණනාවක් දිපවාලි උත්සවයට පෙර නිදහස් කිරිමට රජය කටයුතු සුදානම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණ් නායක විමල් වීරවංශ මහතා අද (05) බත්තරමුල්ල පක්ෂ මුලස්ථානයේ පැවති සාකච්ඡාවකදී පැවසීය.


