තව ටික දවසකින් විමල් වීරවංශට නම් මිරිස් කන්න නොව වහ කුප්පියක් බීමට සිදුවන බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් කීවේය.
‘මේ ගොල්ලන්ට ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැහැ. අපි දැක්ක පසුගිය කාලෙම එයාගේ කටේ තිබ්බේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ, අර කුමන්ත්‍රණ මේ කුමන්ත්‍රණ කියලා ජාතිවාදය අවුස්සලා, ජනතාව කුලප්පු කරවලා, උඩ ගෙඩි දීලා ජීවත් වෙච්ච පිරිසක්නෙ. එයාලට දැන් ඒවා කරන්න අවස්ථාවක් නැහැ ඒ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගන්න බැරි නිසා ඉස්සරහට වහ තමයි එයාලට කන්න වෙන්නේ‘ යැයි ද අමාත්‍යවරයා කීය.
තමා අමාත්‍යංශය භාර ගැනීමෙන් පසු සියලු විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වලට ගිය බවත් ඒවා නොදැක ඉදිරි තීන්දු තීරණ ගැනීම අපහසු බවත් ඇමැතිවරයා පැවසීය

