‘විපක්ෂ නායක පුටුව දිනේෂ්ට ඕනෑ‘


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවාගෙන තිබියදී නිමල් සිරිපාල ද සිල්වා මහතා තවදුරටත් විපක්ෂ නායක පදවියේ රැඳී සිටීම සදාචාරය අතින්ද නොගැලපෙන හෙයින් පාර්ලිමේන්තු විපක්ෂ නායක පදවිය මහජන එක්සත් පෙරමුණු නායක දිනේෂ් ගුණවර්ධන මහතාට පිරිනැමිය යුතු යැයි ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා කියයි.

ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහත්වරුන්ද සහභාගීවූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහාය දීමේ මීළඟ රැලිය ලබන 26 වැනිදා රත්නපුරයේ පවත්වන බව ප්‍රකාශ කිරීම සඳහා මේ මාධ්‍ය හමුව පැවැත්විණි.

_DSC0900 _DSC0921

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි