ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය උල්ලංඝනය කරන හා පක්ෂ ව්‍යවස්ථාවට එරෙහිව ක්‍රියා කරන්නන්ගේ තරාතිරම නොබලා විනය ක්‍රියාමාර්ග ගැනීමට මධ්‍යම කාරක සභාව තීන්දු කළ බව ධීවර ඇමැති මහින්ද අමරවීර අඟුණුකොළපැලැස්සේදී පැවසීය.
විනය කැඩූ පක්ෂයේ ප්‍රාදේශීය සභාපතිවරුන් කිහිප දෙනකුගෙන් නිදහසට කරුණු විමසූ බවත් එම ලිපි ඔවුන් ප්‍රසිද්ධියේ ඉරා දමනු මාධ්‍යයේ දුටු බවත් විනය කඩකරන සියලු දෙනා පක්ෂයෙන් ඉවත් කරන බවත් යළි පක්ෂයට බඳවා නොගන්නා බවත් ඇමැතිවරයා කීවේය.
මහරගම හිටපු නගර සභාපතිනි කාන්ති කොඩිකාර ඇතුළු පිරිසක් ප්‍රසිද්ධියේ එම ලිපි ඉරා දැමූ බව වාර්තා විය.

