‘විධායකය අවසන් වනතුරු ගමන නොනවත්වමි‘


විධායක ජනාපධිපති ධූරය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ඇතුළු ඉල්ලීම් ඉටුවන තෙක් සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ ගමන නවත්වන්නේ නැතැයි එහි කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.

තම සංවිධානයේ අරමුණ වූයේ ජනාධිපතිවරයා වෙනස්කිරීම නොව මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ ප්‍රතිපත්ති මාලාවද ජනපති අසුන කරා ගෙන යාම බවද උන්වහන්සේ සඳහන් කළේ කෝට්ටේ නාග විහාරයේදී අද (12) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ක්‍රියාවට නංවන යහපත් කටයුතු සඳහා පාර්ලිමේන්තුවේ දී අවශ්‍ය සහයෝගය ලබා දෙන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ කීහ.