‘අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විධායක බලය වෙනස් කරන්න එපා‘ යැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබඩඅත්තේ ඥානසාර හිමියෝ කීහ.
‘චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී බලයට ආවේ විධායකය අයින් කරනවා කියලා. අපි කියනවා විධායකය වෙනස් කරන්න තියා හොල්ලන්නවත් එපා කියලා. ව්‍යවස්ථාවේ සියල්ල එකතු කරලා තියෙන්නේ විධායක බලයේ. ඒ නිසා තමයි බෙදුම්වාදී සංවිධාන උත්සාහ කරන්නේ විධායකය අහෝසි කරන්න. අලුත් ව්‍යවස්ථාව පරාජය කරන්න සියලු පළාත් වලින් 4000ක් සඟ පිරිසක් කොළඹට කැඳවා උන්වහන්සේලා දැනුවත් කර ගමක් ගමක් ගානේ යනවා‘ යැයි ද ඒ හිමියෝ අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.