කන්න නෑ. බෙහෙත් නෑ. සංවර්ධනය නෑ කියමින් ජනතාව හඬ නගද්දී මහජන නියෝජිතයන්ට නිහඬව සිටිය නොහැකි බවත් එය පක්ෂය විවේචනයක් කිරිමක් ලෙස වැරදියට තේරුම් නොගත යුතු බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවරදි පැවැසීය.
තම ජන්ම දිනය වෙනුවෙන් බ්‍රහස්පතින්දා ශ්‍රී දළඳා සමිඳු වැඳ පුදා ගැනිමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහ විහාරවලට ගොස් සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ රාජපක්ෂ මහතා එසේ පැවැසිය.
සුළු සංශෝධන කිහිපයක් හැරෙන්නට විධායක ජනාධිපති ක්‍රමය වත්මන් රජය වෙනස් කරනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවද රාජපක්ෂ මහතා කීය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ඉදිරි පෙළ නායකයින් මහින්ද රාජපක්ෂ විශ්‍රාම ගත යුතු බවත් තමන්ගේ සහාය පක්ෂයට අනවශ්‍ය බවත් පවසද්දී තමන්ගේ සහාය පක්ෂයට ලබා දෙන්නේ කෙසේද යන්න හිටපු ජනපතිවරයා විමසීය.
ඡන්ද ගෙන බලයට ඒමට දුන් පොරොන්දු ඉටු කරමින් කොටි සැකකරුවන් නිදහස් කරන බව ඡන්දයට කලින්ම තමන් පැවැසු බවත් රාජපක්ෂ මහතා කීවේය.
ඇවන්ගාඩ් සිද්ධියට නඩු පැවැරිය නොහැකි බවනිතිපතිවරයා ප්‍රකාශ කර ඇති බවත් වැරදි ඇත්නම් ඒවා නිවැරදි කර කෝටි ගණන් මුදල් රටට ආ මෙවැනි ව්‍යාපාර පවත්වාගෙන යා යුතු බවත් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.


