‘විධායක ජනපති ක්‍රමය එපා : දේශපාලන මඩගොඩට බහින්නෙත් නෑ‘


සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනිය 1972 දී පැනවූ ව්‍යවස්ථාවෙත්, 1978 ජේ ආර් ජයවර්ධන ජනපතිගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් අඩුපාඩුකම් හා දෝෂ පිළිබඳව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ‘එසැණ‘ සමඟ විග්‍රහයක් කළේය.

ඔහු අවධාරණය කරනුයේ 1978 ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති බලය අහෝසි කිරීමට මුළු රටම එක් විය යුතු බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 2016 වන තුරු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැකි බව ද සිල්වා මහතා කියයි.

තමා කිසි ලෙසකින් දේශපාලනයට නොඑන බවත්,   අනාගත රජයක තනතුරක් නොදරන බවත්, එහෙත් විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට  නීතිමය දැනුම ලබා දෙන බවත් සිල්වා මහතා පවසයි.