‘විදේශ සේවයට පුහුණුවක්‘


ශ්‍රී ලංකා විදේශ සේවා සාමාජිකයන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් අරඹන බවත් ලබන වසරේ මුල් කණ්ඩායමට පුහුණුව ලබාදෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හා බිමල් රත්නායක මන්ත්‍රීවරුන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා ඒ බව කීය.

ලබන වසරේදී නවසීලන්ත අගමැතිවරයා මෙරට සංචාරය කිරීමට නියමිත බවද අගමැතිවරයා පැවසීය.