‘විදෙස් විනිසුරුවන් අපට අවශ්‍ය නෑ‘ - රුවන් විජයවර්ධන


(ශාන්ත සෙනෙවිරත්න)
‘රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතැම් අය කරන ප්‍රකාශ වැරදියි. එහෙම තත්ත්වයක් නෑ. මහින්ද මහත්තයාට කියන්න දෙයක් නැතිවුණාම තැන තැන එක එක කතා කියනවා‘ යැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා බියගම මල්වානේ අද (19) පැවැති උත්සවයකට එක්වෙමින් පැවසීය.
‘උතුරේ දේශපාලන නායකයින් කියන දේවල් මේ රටේ වෙන්නේ නෑ. විදෙස් විනිසුරුවන් අපට අවශ්‍ය නෑ. පොලිසිය නීතිය හා සාමය ආරක්ෂා කරන වැඩේ කරනවා. වැරදි කරන අට දඬුවම් ලැබෙයි.‘ යැයි ද ඒ මහතා කීවේය.