ජාතික විදුලිබල පද්ධතියේ දායකත්වය සපයන සියලු ස්ථානවලට වහාම ක්‍රියාත්මක වන පරිදි යුද හමුදා ආරක්ෂාව සපයන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් දී ඇතැයි විදුලි බල නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා මහතා පවසයි.
ඒ අනුව ඉදිරි පැය කිහිපයේදී යුද හමුදාව එම ස්ථාන වෙත යොමුවනු ඇති බව නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

