‘විදුලි බිල වැඩි නොකරනු‘


විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ආණ්ඩුවට විරුද්ධව විපක්ෂය විසින් මාතර ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම වෙත ඉදිරිපත් කැරුණු යෝජනාවක් වැඩි ඡන්ද හතකින් ජයග්‍රහණය කළේය.

යෝජනාවට පක්ෂව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හත් දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඡන්දය ලබා දුන්හ.

ආණ්ඩුපක්ෂයේ චන්ද්‍රසිරි දේවසුරේන්දු මන්ත්‍රීවරයා පමණක් යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් අතර  ලසන්ත සංජීව, සමන් මහේෂ්, විමල් ප්‍රිය ජනක, කුමුදු දේවරාජ් සහ නිහාල් සමරසිංහ මහත්වරු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියහ.

මාතර ප්‍රාදේශීය සභාවේ මුළු සබික ධුර 18කි. ආණ්ඩු පක්ෂයේ 10ක් සහ විපක්ෂයේ අටක් වශයෙනි.

සභාපති ලැනී බී හේවගේ සහ මන්ත්‍රී ඒ නෙත්තිකුමාර මහත්වරු සභාවට පැමිණ ඡන්දය විමසීට පෙර පිටව ගියහ.

ආණ්ඩු පක්ෂයේ තවත් මන්ත්‍රීවරු දෙදෙනකු පැමිණ සිටියේ නැත.