‘විදුලි බිල වැඩි කරන්න රජය කෙකර ගානවා‘


බස් ගාස්තු හා විදුලි ගාස්තු වැඩි කිරීමේ බිත්තරය දැමීමට රජය කෙකර ගාමින් සිටින බවත්, එය ජනතාව මත හෙළන පීඩන බෝම්බයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක බත්තරමුල්ල පැලවත්ත මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

 මත්තල ගුවන් තොටුපළ විවෘත කිරීමේ දිනය ලංවුණු ගමන් විදුලි හා බස් ගාස්තු වැඩි කරන්නට යතියි ද, රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටිතියි ද, හොරකම, නාස්තිය, දූෂණය, අසාර්ථක ව්‍යාපෘති පාඩුව නිසා ආර්ථික ර්බුධය තවත් දරුණු වී ඇතැයි ද පවසයි.

රටේ ජාතික ධනය සියයට දෙකක් වැනි ඉතා කුඩා පිරිසක් අතර සැරි සැරීමත් එම ධනය ජනතාව අතර බෙදී නොයෑමත් බරපතල ප්‍රශ්නයක් බව ද ඔහු කියයි.

ජීවන වියදම, බදු බර හා පීඩනය ජනතාව මත පටවන සමාජ ක්‍රමයක් වෙනුවට සහනශීලී සමාජ ක්‍රමයක් ගොඩ නැගීමට රාජපක්ෂ පාලනයට එරෙහිව සටන් වැදීම හැර වෙනත් විකල්පයක් නැතැයි ද ඔහු සඳහන් කරයි.