‘විදුලි පුටු වීරයා අල්ලස් කොමිසමටත් බයලු‘ - ඉරාන්


‘හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහාය දෙන විට රාජපක්ෂ පවුලේ අනික් අය ගෝල බාලයින් ඉදිරියට දමා එල්ල වන චෝදනාවලින් පැන යාමට උත්සාහ දරනවා‘ යැයි ආයෝජන ප්‍රවර්ධන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද (23) මාධ්‍ය හමුවකදී කීවේය.

ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වනවිට රට වෙනුවෙන් විදුලි පුටුවට වුණත් යන්න සූදානම් යැයි පැවසූ අයට අල්ලස් කොමිසම ප්‍රශ්නයක් ඇසුවාම ඊට උත්තරයක් දෙන්න බැරිවීම එම ජනතාවටම ද්‍රෝහි වීමක් යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් නොවන බවත් එය අධිකරණ ක්‍රමවේදයකට අනුව ක්‍රමානුකූලව සිදුවූවක් බවත් එදා හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක, හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්ම මහත්මීන් පවා අධිකරණයට නිර්භයව මුහුණ දුන් බවද වික්‍රමරත්න මහතා කීවේය.