නොරොච්චෝලේ තාප බලාගාරයේ අදියර 2 හා 3 සක්‍රීය තත්ත්වයට පත්වීමත් සමග ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 600ක විදුලි ධාරිතාවයක් ලැබීමත් සමග දින කිහිපයක් පැවැති විදුලි කප්පාදුව අවසන් කළ බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.
පසුගිය දින කිහිපයේදී විදුලිය කැපීම නිසා අපහසුතාවයට පත්වූ සියලු පාරිබෝගිකයන්ට කනගාටුව පළකරන බවද ඇමැතිවරයා කීය.
ලබන 23 වැනිදා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවද සියඹලාපිටිය මහතා පැවසීය.

