‘උතුර රකින රට සුරකින වන්නි බලවේගය‘ අද (30) වව්නියාව නගරයේ උද්ඝෝෂණයක් පවත්වමින් උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ගේ ප්‍රකාශ කිහිපයක් හෙළා දුටුවේය.
උතුරේ සිටි සිංහලයන් යළි පදිංචි නොකරන ලෙසත් උතුරේ ඉපැරැණි බෞද්ධ වෙහෙර විහාර ඉදිනොකරන ලෙසත් කියන ඔහු මහ ඇමැතිකමින් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු වහා අත්අඩංගුවට ගත යුතු වරදක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කර ඇති බවත් දහසකට වැඩි උද්ඝෝෂකයෝ වව්නියාව වැව අසලින් පෙළපාළි යමින් කියා සිටිති.
වව්නියා දිසාපති කාර්යාලයට ගොස් දිසාපතිට සංදේශයක් බාර දීමටද ඔවුහු සැරසෙති.
වව්නියාවේ දමිළ ජනයා ද මෙම සාමකාමී උද්ඝෝෂණය බැලීමට පැමිණ සිටිති.
රාවණා බලය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, බොදු බලසේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර යන හිමිවරුන්ගේ සංවිධානද මේ උද්ඝෝෂණයට ක්‍රියාකාරී ලෙස සහාය වෙති.
ඡායාරූප - සිතුම් චතුරංග
(ජායාරූප - රොමේෂ් මධුෂංක)
විඩියෝ රොමේෂ් මධුෂංක







![DSC_0567[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC_05671.png)
![DSC_0622[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC_06221.png)
![DSC_0685[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC_06851.png)
![DSC_0707[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/DSC_07071.png)
