‘විග්නේෂ්වරන් වගකීම් විරහිතව ක්‍රියා කරලා‘


දෙමළ නැගිටීමේ ව්‍යාපාරය නමින් විරෝධතා පවත්වමින් උතුරු මහ ඇමැති සී.විග්නේෂ්වරන් වගකීම් විරහිතව ක්‍රියා කර ඇතැයිද එය හෙළා දකින බවද උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න බණ්ඩාර මහතා අද පැවසීය.

උතුරු මැද පළාත් ශ්‍රවණාගාරයේ අද පැවැති පළාත් සංචාරක දින සැමරුම් උළෙලකට එක්වෙමින් ඔහු ඒ බව කීවේය.