ඉන්දීය නාවික හමුදාවේ විශාලතම වික්‍රමාදිත්‍ය සහ මයිසූර් යන යුද නෞකා දෙක සිවුදින සුහද සංචාරයක් සඳහා බ්‍රහස්පතින්දා (21) උදෑසන කොළඹ වරායට පැමිණීමට නියමිතය.
‘හිරුමෙන් ශක්තිමත්‘ යන අරුත දෙන ‘වික්‍රමාදිත්‍ය‘ නෞකාවේ දිග මීටර් 284කි. පළල මීටර් 60 කි. ප්‍රහාරක ගුවන් යානා 36කට එහි ඉඩකඩ ඇත. කාර්ය මණ්ඩලයේ 1700කි. නෞකාව මහල් 22කින් සමන්විතය.
රියර් අද්මිරාල් රව්නීට් සිං නෞකා අණදෙන නිලධරයාය. කපිතාන් කේ. ස්වාමිනාදන් කපිතාන් පෝල් ද නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න හමුවීමට නියමිතය.




