චතුරාර්ය සත්‍යය අවබෝධය සඳහා වන ධර්ම දේශනයක් වල්පොල විමලරතනාරාම විහාරස්ථානයේදී පසුගියදා පැවැත්විණි.
එල්ලාවල විජිතනන්ද හිමියන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් සති කිහිපයක් පුරා විහාරස්ථානයේදී පැවැත්වූ ආගමික වැඩසටහන එදින අවසන් කැරිණි.
සැදැහැවතුන් විශාල පිරිසකගේ දායකත්වයෙන් වැඩසටහන පැවැති අතර දාන, ශීල, භාවනා පිංකම් රැසක්ද එහිදී සිදු කෙරිණි.








