‘වැසිකිළි විවෘත කිරීමට ගියත් දේශපාලනයට එන්නේ නෑ‘


‘ගෙදරක වැසිකිළිය විවෘත කිරීමට  අපිට එන්න කියන්න.අපි එනවා .නමුත් දේශපාලන වේදිකාවට එන්න කියන්න එපා‘ යැයි කුමාර තිරිමාදුර හා ගිහාන් ප්‍රනාන්දු තම ඉතාලි සංචාරයේ  අවසන් අදියරේ පැවති වෙරෝනා ප්‍රසංගය  අවසනදී තම ප්‍රේක්ෂකයන් කිහිප දෙනෙකු හමුවේ කීය.

ඇත්තටම අපි ඉතාලියට ආ දවසේ සිට බොහෝ අය අපිට සංග්‍රහ කරන්න ඉදිරිපත් වුණා. ඒ හැමෝටම අපි කිව්වේ ලංකාවට ආපු දවසට අපි හමුවෙන්න කියලයි. අපිට සලකා අපිව රැකබලා ගත්තු ඔවුන්ගේ ඕනෑම දෙකට අපි නොමිලේ සහභාගී වෙනවා.විනෝදයත් එක්ක සංගීත වැඩසටහන් ඉදිරිපත් කරන්න අපට පුළුවන්.