‘වැසිකිළි පිරුණොත් පොලිසියට කියන්න‘


තමුන්නාන්සේලාගෙ වැසිකිලි පිරුණොත් දැන් කොහාටවත් කියන්නෙ නැතිව ළගම ඇති පොලිසියට කියන්නයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පේරාදෙණියෙදී  කීවේය.

හිටපු ජනාධිපති වරයා මෙසේ පැවැසුයේ මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රිවරු පිරිසක් සමග පේරාදෙණියේදි පැවැති සුහද හමුවකදීය.

‘පසුගියදා පිහිනුම් තටාකයේ වැලි ටික ගොඩ දාගන්න ඕනෑ වු නිසා පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්ම රජයේ වියදමින් එහි වැලි ටික ගොඩ දැමු බවත් සෙරෙප්පුවක් හමුවුණත් ඒක මගේ කියා ඔහු පැවැසුවත් නෑ නෑ ඕක මහින්දගේ සෙරෙප්පුවක් කියා ගෙන ගියා. ඒ අකාරයටම තමුන්නානසේලාගේ වැසිකිලි පිරුනොත් මහින්ද ඇවිත් දෙපාරක් විතර ගියා කියල පොලිසියට කිවුවනම් පොලිසිය ඇවිත් එය නොමිලේම සුද්ද කරන බවත් හිටපු ජනපති මහින්ද රාඡපක්ෂ මහතා එහිදි පැවැසිය.

එහි සිටි පලාත් පාලන මන්ත්‍රිවරු එය ඇසු පමණින් පැමිණි සියලුම දෙනා ප්‍රිතිමත් ව අත්පොළසන් දුන්හ.