‘වැසි රහිත කාලගුණයක්‘


දිවයින පුරා  ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර  කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කල හැක.

ඉදිරි දින  වලදී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහීන අපෙක්ෂා කළ හැක.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

2015 ජනවාරි මස 09 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර  කාලගුණ තත්වයක් පවතී.

සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවන නමුත් කොළඹ සිට  පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං විටෙක පැ. කි. මී. 50 පමණ අගයක් දක්වා  වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.