දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉදිරි දින වලදී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහීන අපෙක්ෂා කළ හැක.
ඉදිරි පැය 24 සදහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.
2015 ජනවාරි මස 07 වන දින දහවල් 12.00 ට නිකුත් කරන ලදි.
ත්‍රිකුණාමලය සිට පොතුවිල් සහ ගාල්ල හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.
සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවන නමුත් ගිගිරුම් සහිත වැසි ඇතිවන අවස්ථා වලදී ත්‍රිකුණාමලය සිට පොතුවිල් සහ ගාල්ල හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකිය.
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).

