‘වැසි රහිත කාලගුණයක්‘


දිවයින පුරා  ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර  කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කියයි

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක් පවතී.  

සුළං වයඹ දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ රළු නොවේ.

පෙරවරු 5.30ට

දිවයින පුරා  ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර  කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  

සුළං වයඹ දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

මන්නාරම සිට කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක්  රළු වේ.

කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).