වැලිවේරිය ජනතාව හා හමුදාව අතර පැවැති ගැටුමේදී පසුගිය අගෝස්තු පළමුවැනිදා හමුදා වෙඩි පහරින් හා පොලු පහරින් තිදෙනකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය ගැන පරීක්ෂණය ගම්පහ මහේස්ත්‍රාත් උසාවියේදී ඇරැඹි අවස්ථාවේ දී ගැමියන් වෙනුවෙන් පෙනී සිටි උපුල් ජයසූරිය මහතා ප්‍රමුඛ නීතීඥ කණ්ඩායම පැවසූයේ එදා අන දුන් බව කියන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කළ යුතු යැයි ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා කරුණු දක්වමින් එම බ්‍රිගේඩියර්වරයා රටින් පිටවී යාමේ ඉඩකඩ වැළැක්විය යුතු බව කීවේය.
දැනටම ඔහු රටින් පිටවී ගොස් ඇත්දැයි නොදන්නා බව ද ඔහු පැවසීය.
යුද හමුදාව වැලිවේරියට කැඳවූයේ කවුදැයි ඔහු ප්‍රශ්න කළේය.
පොලිස් නිලධරයකු එවිට උසාවිය හමුවේ කියා සිටියේ ගම්පහ පොලිස් අධිකාරීගේ ඉල්ලීම අනුව හමුදාව කැඳවූ බවයි.
පොලිසියෙන් දෙදෙනකු ද, වැලිවේරිය ගැමියන්ගෙන් තිදෙනකු ද සාක්කි දීමට සූදානම් බව ද ඔහු කියා සිටියේය.
නඩුවට රජයෙන් නීතීඥවරයකු පත් කළ පසුව උපුල් ජයසූරිය මහතා මතුකළ ප්‍රශ්නය පිළිබඳ තීරණයක් දෙන බව මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා ප්‍රකාශ කළේය.