‘වැලිවේරිය පොලිසියට එන්න කිව්වෙත් නැහැ‘


‘අද වැලිවේරිය පොලිසියට එන්න කියා හමුදාව ගම්වාසීන්ට දැනුම් දී නෑ. අපි කිසිම කෙනෙකුගෙන් බලෙන් ප්‍රකාශ ගන්නේ නෑ. කැමති කෙනකුට ඇවිත් ප්‍රකාශ දෙන්න පුළුවන්. කැමතිනම් නොදී ඉන්නත් පුළුවන්.‘ යැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.

‘මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නා ඇවිත් ප්‍රකාශයක් දෙන්න කියා. නමුත් සිතාසි යැව්වේ නෑ. වැලිවේරියෙ සිදුවේමෙදි මාධ්‍යයට ගැටළුවක් වුණාදැයි සොයා බැලීමට තමයි මාධ්‍යවේදීන්ට එන්න දැනුම් දුන්නේ. මාධ්‍යවේදීන්ට අනිවාර්යෙන්ම එන්න කියා අප දැනුම් දී නෑ.

මාධ්‍යවේදීන් ඇවිත් ප්‍රකාශ දුන්නොත් ඔවුනට සිදුවුණැයි කියන ප්‍රශ්න ගැන අපේ වාර්තාවේ ඇතුළත් කරන්න පුළුවන්.  ‘ යැයි ද බ්‍රිගේඩියර්වරයා පවසයි.

මහජනයාගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා වැලිවේරිය පොලිසියේ අද ශාලාවක්ද වෙන් කර තිබූ බව එහි ගිය මාධ්‍යවේදීහු දුටහ.

පොලියේ උසස් නිලධාරියකු පැවසුවේ ප්‍රකාශ ලියා ගැනීම සඳහා යුද හමුදාවෙන් එන බව දන්වා තිබූ බවයි. ඒ අනුව  අවශ්‍ය පහසුකම් සැපයූ බවත් ඔහු කියයි.