ලංකාදිප මාධ්‍යවේදී වදාකඩ නවරත්න මහතා විසින් රවිත “වැල්ලේ ලේ මල් ” කෘතිය දොරට වැඩීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදි අද(5) පැවැත්විණි. ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩි.ඇස්.ගුණවර්ධන මහතාගේ ජිවන කථාව ඇසුරෙන් මෙම කෘතිය ලියා ඇති අතර යුග තුනක බිහිසුණු චරිත කථාවක් ලෙස එය කතුවරයා හඳුන්වා දෙයි. කෘතියේ මුල් පිටපත අමාත්‍යවරයා ජනාධිපතිතුමාට පිළිගැන්වීය. කෘතිය මිරිගම ආකර්ෂා ප්‍රකාශක සමාගමේ මුද්‍රණය කර ඇත.
“මට අද රාජකාරි ගොඩක් තියෙන දවසක් තව ටික වේලාවකින් විදෙස් ගත වෙන්නත් තියෙනවා. ඒත් අපේ ගුණවර්ධන මහත්තයයි ,වදාකඩ මහත්තයයි දෙන්නම වැඩක් නිසා මට මේ උත්සවය මඟ අරින්න බැරි වුණා. මොකද අපි තුන්දෙනාම එකම කුලකයේ. තුන්දෙනාම හද්දා පිටිසර ගමෙන් ආපු එක වාගේම තුන්දෙනෙක් ” යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.









