අවිස්සාවේල්ල - කොළඹ මාර්ගය වැල්ලම්පිටිය හන්දියේ සිට කොටිකාවත්ත දක්වා මාර්ගය දෙසැම්බර් 13 වැනිදා තෙක් රාත්‍රී 9 සිට අලුයම 5 දක්වා කාලයේ නඩත්තු කටයුතු සඳහා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
දෙසැම්බර් 3 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට දින 10ක කාලයක් මාර්ගය කාපට් කිරීමේ හා අලුත්වැඩියා කටයුතු සඳහා එසේ වසා තැබෙන බැවින් කඩුවෙල සිට කොළඹ දෙසට ධාවනය වන වාහන කොටිකාවත්තෙන් කොහිලවත්ත, සේදවත්ත හරහා හෝ ගොතටුව, කොළොන්නාව, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත හරහා කොළඹට පැමිණිය හැකි බවත් කොළඹ සිට කඩුවෙල දෙසට ගමන් ගන්නා රථවාහනවලටද එම මාර්ගම භාවිතා කළ හැකි බවත් පොලිසිය කියයි.

